top of page

Romantic

Public·15 members

වෙනදා දෙන්නා කතාවෙලා එකම ⏰ ඔන් ලයින් ආවත්....අද මාව දැක්ක ගමන් ඔයා ඔෆ් ලයින් යනවා...ඉස්සර ඔයා හිතේ මට තිබුණ ඉඩ අද වෙනකාටදො ඔයා දිලා තිබුණත් අදටත් මගේ හිත ඖංචිම හරි සතුටක් ලබන්නේ ඔයා ඔන් ලයින් පුන්ංචි මොහොතකට හරි ඉන්නවා දැකලා...


දාහක් රාජකාරි මැද්දේ වුණත් ඔයාට පුළුවන් වුණා මන් වෙනුවෙන් ⏰ හදාගන්න....දවසම බලන් ඉඳලා ඔයා 🌙 එක දවසට මාත් නිදාගන්නෙ නැතුව ඔයා එක්ක සැරෙන් සැරේ මැසෙජ් කරා.අද ඔයාට අමතකවෙලා.. සමහර දවස්වලට


අනේ මට අද හොඳටම මහන්සි සුදූ මම නිදාගන්නද මැණික කියද්දි දුක හිතුණත්..එ දුක ඉවසගෙන අනේ එහෙනම් නිදාගමු අයියේ කියලා කියපු දවස් මොන තරම්ද...?


හේතුවක් නැතුව ඔයා මාව මෙහෙම මඟ හරිද්දි ..මට දැනෙන දුක මොන තරම්ද ඔයාට හිතාගන්න බැරිවෙයි....


ඔයා ට්‍රේනින් ගිය දවසේ ඉඳන් මම ළඟින් නැතත් දුර ඉඳන් හරි කරෙ ඔයාට හයියක් වුණ එක.. තරුවෙන් තරුව ඔය උරපත්ත හැඩ 💥 වෙද්දි අම්මා තරමටම මමත් ඔයා ගැන ආඩම්බර වුණෙ ❤ මයි....


කියන්න දේවල් හුඟක් තිබුණත් මම කිසි දෙයක් නොකියා ඉන්නම්..මොකද මගෙ හිත බයයි ඔයා මාව බ්ලොක් කරලා දාවි කියලා..


අපි ආදරේ කරන අය අපි ළඟම ඉන්න ඕනි අපටම අයිතිවෙන්න ඕනි කියලා නියමයක් නැ...කොහේ හරි කා ළඟ හරි එයාලා සතුටින් හිටියම ඇති...


අතරඟකින් අතෑරලා යන්න නම් කාගෙවත් අතකින් අල්ලගන්න එපා.ඒක ලොකු පවක්...පරිස්සමට ඉන්න අයියේ...බුදු සරණයි..


පතාගෙන ආ ප්‍රේමයක් වෙන්න ඇති

අපේ මේ හමුවීම

සංසාරේ සරදමක් වෙන්න ඇති අතරමඟකදි වෙන්වීම

හිත පතපු තැන නොමැති නම් අපට සැනසීම

හොඳම දේ අහිමි තැන්වලින් වෙන්වීම



Maleesha
Nadee Kaushalya
Sandun Madhura
Shalika Sewwandi

About

Welcome to the group! You can connect with other members, ge...

Members

bottom of page